කොළඹ - අවිස්සාවේල්ල පරණ මාර්ගයේ රථවාහන ධාවනය සීමා කෙරේ

 08/13/2017 - 10:57
87 reads

නවගමුව පුරාණ පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහර හේතුවෙන් අද  කොළඹ - අවිස්සාවෙල්ල පරණ මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව, අද පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා එම මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කරන බව සඳහන්.

එම නිසා පවතින රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව, හංවැල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන රණාල සියඹලා ගහ හංදියෙන් අතුරුගිරිය දෙසට ගමන් කළ හැකියි.

කඩුවෙල සිට හංවැල්ල දෙසට ගමන් කරන වාහන කඩුවෙල වෙලේහංදියෙන් අතුරුගිරිය දෙසට ගමන් කළ හැකි බවයි පොලීසිය නිවේදනය කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news