විශේෂ කාර්යය බලකාය සහ අපරාධ කල්ලියක් අතර වෙඩි හුවමාරුවෙන් දෙදෙනෙකුට තුවාල

 08/12/2017 - 20:11
137 reads

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ අපරාධ කල්ලියක් අතර අද පස්වරුවේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් සැකකරුවෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අපරාධයක් සිදු කිරීම සඳහා වෑන් රථයකින් පිරිසක් පැමිණෙන බවට පොලිස් විශේෂ කාර්යය බලකායට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී එම වෙඩි හුවමාරුව සිදුව තිබුණා.

වෑන් රථය පරීක්ෂා කිරීමට යාමත් සමග සැකකරුවන් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

තුවාල ලැබූ දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news