බුලන්කුලමේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට - පස් දෙනෙකුට තුවාල

 08/12/2017 - 19:12
1 read

අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ බුලන්කුලම ප්‍රදෙශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් තවත් හිමි නමක් ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ 16 හැවිරිදි තරුණියක් සහ ඇයගේ 71 හැවිරිදි මිත්තණිය බව සඳහන්.

තුවාල ලැබූවන් අතර වයස අවුරුදු දෙක හමාරක දැරියක් සහ ගැබිණි මවක් ද වනවා.

ඔවුන් අනරාධපුර රොහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news