මත්තලට ඉන්දියාව ගොඩබහින හැටි මෙන්න

 08/12/2017 - 18:26
8579 reads

හම්බන්තොට, මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 205ක මුදලක් ආයෝජනය කිරීම සඳහා වන ඉන්දීය රජයේ යෝජනාව මේ වන විට ශ්‍රී ලංකා රජය වෙත ලබාදී ඇති බව ද හින්දු පුවත්පත වාර්තා කරනවා.

එම ගුවන් තොටුපොළ මෙහෙයවීම, කළමනාකරණය, නඩත්තුව සහ සංවර්ධනය සඳහා ඉන්දියාව ඉදිරිපත් වී සිටින බවයි එම පුවත්පත පෙන්වා දෙන්නේ.

චීනයට වැඩි  හිමිකාරීත්වයක් පවතින හම්බන්තොට වරායට කිලෝමීටර් 40ක දුරින් පිහිටි, මත්තල ගුවන් තොටුපළේ ආයෝජනයට ඉන්දියාව ඉදිරිපත්වීම ක්‍රමෝපාය පියවරක් ලෙස ද හින්දු පුවත්පත සඳහන් කරනවා.

ගුවන් තොටුපළේ සියයට 70ක හිමිකාරත්වයක් වසර 40ක කාලයක් සඳහා ලබා ගැනීමට ඉන්දියාව එම යෝජනාව මඟින් අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන 88 ක මුදලක් ආයෝජනය කරනු ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news