බද්දේගම වෙඩි තැබීමක්

 08/12/2017 - 17:50
44 reads

බද්දේගම, ගොඩවත්ත දකුණ ප්‍රදේශයේ නිවසක අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ  බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය පිටුපස පිහිටි මෙම නිවසට, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා එහි දොරගුළු බිඳ ඇතුල්වී ඇති බවයි.

එලෙස ඇතුල්වූ ඔහු නිවස තුල නිදා සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා යාමට උත්සහ කර ඇති අතර එහිදී ඔහුගේ බිරිඳ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සමඟ පොරබදා ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී බිරිද කළ පහර දීමකින් ඔහුට ද බරපතල තුවාල සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරු පලාගොස් ඇති අතර ඔහු සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news