ඉන්දියානුවන් තිදෙනෙකු නින්දවුර් කුඹුරකදී කොටු

 08/12/2017 - 13:16
296 reads

නින්දවුර්, ප්‍රදේශයේදි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ  ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රුඳි සිටිමේ චෝදනාවටයි.

ඉන්දිය ජාතිකයින් තිදෙනා නින්දවුර් ප්‍ර‍දේශයේ කුඹුරක අස්වනු නෙලිමේ කටයුතුවල නිරතව සිටියදි බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

මරුදමුනායි, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් නාවික හමුදාව හා එක්ව පිරිස අත්අඩංගුවට  ගත්තා.

 ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27, 41 ක් සහ 36 ක් වන මෙම පුද්ගලයින්  නීතිමය කටයුතු සඳහා සමන්තුරෛයි පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news