ලක්‍ෂයක් අල්ලස්ගත් රඹෑව හිටපු සභාපති අවුරුදු 5ක් හිරේට ගිය හැටි

 08/03/2017 - 19:07
98 reads

අනුරාධපුර රැඹෑව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රනිල් මාධව කමල් නිළමේ මහතාට වසර 5ක සිර දඩුවම් ලබා දීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතා පියවර ගත්තා.

ඒ, 2007 වසරේදී ප්‍රාදේශීය සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ප්‍රදේශයේ තරුණයෙකුට විදේශ රැකියාවක් ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාවකට අදාලවයි.

අල්ලස් කොමිසම විසින් අදාල නඩුව චෝදනා තුනක් යටතේ ගොනු කර තිබූණා.

අතර, සියල්ලටම වරදකරු කරමින් වසර 5ක සිර දඩුවමක් සහ රුපියල් 40, 000ක දඩ මුදලක් ද නියම කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news