නඩරාජා රවිරාජ් ඝාතනයේ අභියාචනා පෙත්සම විභාග කිරීමට දින නියම කරයි

 06/19/2017 - 19:32
1 read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණය ඒ සම්බන්ධයෙන් පැවැත් වූ නඩු විභාගයෙන් විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව  රවිරාජ් මහතාගේ බිරිඳ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව කුමුදුණි වික්‍රමසිංහ සහ ප්‍රීති පද්මන් සූරසේන  යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම පෙත්සම සැප්තැම්බර් 04 වනදා විභාගයට ගැනීමට අද තීරණය කළ බවයි නිව්ස් 24 අධිකරණ වාර්තාකරු පැවසුවේ.
වගඋත්තරකාර නාවික හමුදා නිලධාරින් තිදෙනාට සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.
 

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.