මහින්ද රාජපක්ෂ මහතා සංචාරයක් සදහා පාකිස්තානයට

 06/19/2017 - 19:00
4 reads

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සංචාරයක් සදහා පාකිස්තානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
අද පස්වරු එකට පමණ ඒ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 183 දරණ ගුවන් යානයෙන් කරච්චි නුවර බලා පිටත්ව ගිය බවයි නිව්ස් 24 ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.
මහින්ද රාජපක්‍ෂ මහතා සමග හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ද සංචාරයට එක්ව ඇති බව සඳහන්.