ගම්ලත්ගේ බිරිඳ සන්නස්ගලගෙන් ලක්‍ෂ 29 ක් ඉල්ලා උසාවි යයි - 2013 සිට තමාට ගෙවා නැතැයි ඇය අධිකරණයේදී කියයි

 06/19/2017 - 17:59
227 reads

උපුල් ශාන්ත සන්නස්ගල මහතාගෙන් රුපියල් ලක්‍ෂ 29 ක මුදලක් අය කරදෙන ලෙස ඉල්ලා මහචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම මහත්මිය අද කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු  කළා.
සුචරිත ගම්ලත් මහතා සංස්කරණය කරන ලද ඉංග්‍රීසි සිංහල ශබ්ධ කෝෂය ප්‍රකාශයට පත් කිරීම සඳහා සන්නස්ගල මහතා භාරගත් බව ඒ මහත්මිය පෙන්වාදෙනවා.
 ඒ සඳහා කතෘභාගය ලෙස මසකට රුපියල් 40,000 බැගින් රුපියල් ලක්‍ෂ හතළිහක මුදලක් ගෙවීමට වගඋත්තරකරු එකඟ වූ බවයි පෙත්සම්කාරිය අධිකරණය හමුවේ සඳහන් කළේ.
කෙසේ වෙතත්, වගඋත්තරකරු රුපියල් ලක්‍ෂ 11 ක මුදලක් ගෙවූ නමුත් 2013 වසරේ ඔක්තෝබර් පළමු වන දා සිට මේ දක්වා ගෙවීම් පැහැර හැර ඇති බව සඳහන්.
ඒ අනුව, අදාළ ලක්‍ෂ 29 ක මුදල ගෙවන ලෙස ඔහුට නියම කරන්නැයි පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.