උතුර අර්බුදයට මැදිහත්වෙන්න ඇමති මනෝ සූදානමින්

 06/19/2017 - 14:31
5 reads

උතුර පළාත් සභාවේ මහ ඇමතිවරයා සහ නියෝජිතයින් අතර ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසදීම සඳහා විශේෂ නියෝජිතයෙකු ලෙස ඊට මැදිහත් වීමට සූදානම් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.
හෙතෙම මේ බව කියා සිටියේ හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර, උතුර පළාත තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වයත් සමග රට තුළ පවතින නීතිය පිළිබඳ ගැටළුවක් මතුවන බව පැහැදිලි වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.