ලක්ෂ 54 කට අධික හෙරොයින් තොගයක් සමගින් සැකකරුවකු බොරැල්ලෙන් අල්ලයි

 06/19/2017 - 08:27
9 reads

රුපියල් ලක්ෂ 54 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 600 කට අධික තොගයක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔහු 33 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර අද දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.