අංගොඩ ලොක්කා සහ ලඩියා මෙරටට ගෙන්වන්න ජාත්‍යනතර පොලීසියේ සහය

 06/19/2017 - 07:27
7 reads

කළුතර දී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අවශ්‍යව සිටින  අංගොඩ ලොක්කා සහ ලඩියා නැමැති සැකකරුවන් දෙදෙනා දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගෙන ඇති බව පොලීසිය පවසනවා.
පසුගිය දා ඔවුන් දෙදෙනා ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගැනුනේ වෙනත් රාජ්‍යයක් වෙත පලා යාමට උත්සහ දැරීමේදීයි.
බන්ධනාගාර බස් රථයට එල්ල වූ අදාල ප්‍රහාරයෙන් පාතාල කල්ලි නායක සමයං ඇතුළු රැදවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වුණා.
අංගොඩ ලොක්කා සහ ලඩියා නැමැති සැකකරුවන් දෙදෙනා මෙම ප්‍රහාරයට ඍජුව සම්බන්ධ බවට ද මේ වන විට අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.