අලුත උපන් බිළිදෙකු වැසිකිළිවලට දැමූ මවක් අත්අඩංගුවට

 06/18/2017 - 16:07
47 reads

අළුත උපන් බිළිදෙකු ඝාතනය කර වැසිකිළි වලකට දැමූ කාන්තාවක් බුත්තල පැල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම කාන්තාව සිය නිවසේදී දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් අනතුරුව බිළිඳා ඝාතනය කර වැසිකිලි වලට දමා ඇති අතර අධික ලෙස රුධිර වහනය වීම හේතුවෙන් ඇය ද රෝහල්ගත වී තිබෙනවා.
බුත්තල රෝහලට ඇතුළත් වූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි දරු ප්‍රසූතියක් සිදුකර ඇති බවට අනාවරණ වී ඇත්තේ.
අනතුරුව කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
බිළිඳා ඝාතනය කළ කාන්තාව 12 සහ 13 වයස්වල පසුවන දෙදෙරුවන්  දෙදෙනෙකුගේ මවක් වන  අතර සැමියා විදේශගතව සිටින බවටයි අනාවරණ වී ඇත්තේ.