ත්‍රී රෝද රථ කුලී ගාස්තුව ඉහළ යන ලකුණු

 06/17/2017 - 18:46
112 reads

ත්‍රී රෝද රථ කුලී ගාස්තුව පළමු කිලෝමීටරය  රුපියල් 10 කින් ඉහළ දමන බව ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමය පවසනවා.
ජූලි මස 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ක්‍රියා මාර්ගය ගන්නා බවයි එම  සංගමය සඳහන් කළේ.
කෙසේ වෙතත් දෙවන කිලෝ මීටරයේ සිට සුපුරුදු පරිදි රුපියල් 40 බැගින් අය කරන බව ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසුවා.

කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා නිව්ස් 24 වෙත කියා සිටියේ තම සංගමය කිසි විටෙකත් ත්‍රී රෝද රථ  කුලී ගාස්තු ඉහළ දැමීමේ තීරණයකට මෙතෙක් එළඹ නොමැති බවයි.
 

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.