හයිද්‍රාබාද්, විසාකාපට්නම් සහ කොයිම්බටුර් වෙත නව ගුවන් ගමන්

 06/13/2017 - 16:45
253 reads

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්දියාවේ හයිද්‍රාබාද්, විසාකාපට්නම් සහ කොයිම්බටුර් වෙත නව ගුවන් ගමන් ආරම්භ කිරීමට තිබෙනවා.

සමාගම  සදහන් කරන්නේ ජූලි මස  ගුවන් ගමන්  ආරම්භ කරන බවයි.

එමගින් ගමනාන්ත 14ක් වෙත මෙහෙයුම් සිදු කෙරෙන බව සඳහන්.

මේ වන විටත් ගුවන් සමාගම චෙන්නායි ත්‍රිවේන්ද්‍රම්පුරම්, මුම්බායි, නවදිල්ලිය, බුද්ධගයාව, මදුරෙයි, වරනාසි, කොචින්, බැංගලෝර් සහ කල්කටා වෙත ගුවන් මෙහෙයුම් සිදු කරනු ලබනවා.

මෙරට සංචාරයේ නිරතවන්නන්ගෙන් ඉන්දියාවට දැවැන්ත ස්ථානය හිමි වනවා.

ඉන්දියානුවන් 356,729ක්    2016 දී පැමිණ තිබෙනවා.
2017 පළමු මාස හතරේ දී ඉන්දියානුවන් 110,891ක් මෙරට සංචාරයට පැමිණ සිටියා.

මේ වනවිට රටවල් 48ක  ගුවන් ගමන් 108ක්  සිදු කරන බවයි පැවසන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්දියාවේ නව ගුවන් ගමන් මෙන්න

 

 

SriLankan Airlines adds three Indian cities to route network