ගැබිණියක් සහ දරුවකු ගමන් ගත් මෝටර් රථයේ ගැටුණු අලියා මෝටර් රථය මතටම පෙරළෙයි

 06/12/2017 - 19:34
6 reads

සිය වයස අවුරුදු 3 හමාරක දරුවාද නංවාගෙන ගැබිණි ගුරුවරියක් පදවාගෙන ආ මෝටර් රථය මතට වන අලියෙකු ඇද වැටීමේ සිදුවීමක් අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
එම සිදුවීමෙන් අදාල ගුරුවරිය සහ දරුවා දිවි ගලවා ගත්තත් වාහනය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි නිවුස් 24 වාර්තාකරු කියා සිටියේ.
පාර මැද අලියා රැදී සිට ඇති අතර වේගය පාලනය කර ගත නොහැකිව වාහනය අලියාගේ වැදුනු බවයි අදාල සිදුවීමට මුහුණ දුන් කාන්තාව සඳහන් කළේ.

මේ අතර කොච්චිකඬේ - කටාන ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පෙරහරක ගමන් කළ අලියෙකු පහර දීමෙන් තුවාල ලැබු හිමි නමක් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම අපවත් වුණා.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.