ආපදාවට ලක්ව ඇති දිස්ත්‍රික්ක 8ක පාසල් ඉදිරි දින 4 තුළ වසා දැමෙයි

 05/29/2017 - 13:24
1314 reads

ආපදාවට ලක්ව ඇති දිස්ත්‍රික්ක 8ක පාසල් ඉදිරි දින 4 තුළ වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සියළුම පාසල් එලෙස වසා දැමෙන බවයි අමාත්‍යවරයා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
මේ අතර ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප ද ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා යෙදවීමට ද කැමැත්ත පල කර ඇති බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.