චක්‍රලේඛ නොතකා එක්වන ලෙසට ගම්මන්පිල රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලයි

 05/29/2017 - 12:41
12 reads

රාජ්‍ය නිලධාරියෙකු සද්භාවයෙන් සිදු කරන ඕනෑ චක්‍රලේඛ උල්ලංඝනය කිරීමක් වෙනුවෙන් ඉදිරියේදී පත්වීමට නියමිත තම ආණ්ඩුවක් යටතේ පෙනී සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තහවුරු කළා.
හෙතෙම අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියේ චක්‍ර ලේඛ පිළිබඳව නොතකා විපතට පත් ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට ක්‍රියා කරන ලෙසයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ චක්‍රලේඛවලට කොටු නොවී ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙසයි.
එමෙන්ම, විපතට පත් ප්‍රදේශවල නිව්ස් 24 වාර්තාකරුවන් කියා සිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සහන සේවා කටයුතු විධිමත්ව සංවිධානය වන බවයි.
එමෙන්ම හමුදා කණ්ඩ, අනු කණ්ඩ සහ බලඇණි ඒවායේ අණදෙන නිලධාරීන් යටතේ අදාල ප්‍රදේශවෙත සහන මෙහෙයුම් කටයුතුවල නිතරව සිටින අයුරුද දක්නට පුළුවන්.