ජෙලිෆිෂ් තංගල්ල පරෙවි වැල්ලට එයි

 05/05/2017 - 10:47
463 reads

ජෙලිෆිෂ් පැමිණිම නිසා තංගල්ල පරෙවිවැල්ල වෙරළ තීරයේ දිය නෑම අවදානම් බව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය පවසනවා.

ඒ අනුව පරෙවිවැල්ල වෙරළ තීරයේ දිය නෑමෙන්  වළකින ලෙසයි එම ඒකකය ජනතාවට උපදෙස් දෙන්නේ.

ප්‍රදේශයේ හීවරයන් පෙන්වා දෙන්නේ තවත් දින කිහිපයක මෙම ජලජ ජීවීන් එම ප්‍රදේශයේ සිටිය හැකි බවයි.

ජෙලිෆිෂ් මසුන්  ශරීරයේ ස්පර්ශ වුවහොත් අසාත්මිකතා ඇතිවිය හැකි බවයි තංගල්ල මූලික රෝහලේ  විශේෂඥ  වෛද්‍ය  පී.ඒ. ජයසිංහ   මහතා පෙන්වා දෙන්නේ.

අධික විෂ සහිත  ජෙලිෆිෂ් මසුන් ශරීරයේ ස්පර්ශවීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාව, රුධිර පීඩනය අඩුවී මරණය පවා සිදුවිය හැකි බවත් විශේෂඥ  වෛද්‍යවරයා සඳහන් කළා.

ජෙලිෆිෂ් මසුන් හේතුවෙන් අසාත්මිකතාවක් වුවහොත් රෝගියා ළඟම රජයේ රෝහලකට ඇතුළත් කරන ඒ මහතා අවධාරණය කරන්නේ.

(සේයා රූ - තංගල්ල, අනීෂා මානගේ)

Jellyfish warning
Paraiwella
beach