මහරගම බයිසිකලයෙන් තරග කළ මන්ත්‍රීවරුන්ට නොතීසි

 05/16/2018 - 18:36
9 reads

මහරගම නගර සභාව සඳහා බයිසිකලය ලකුණින් තේරීපත්වූ නාගරික මන්ත්‍රීවරු 23 දෙනෙකුගේ පත් කිරීම් බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ලබන මස 28 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද  තීන්දු කළා.

ඒ අනුව එම නාගරික මන්ත්‍රීවරු 23 දෙනා ඇතුළු වගඋත්තරකරුවන් 27 දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළේ.

මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම නඩුව ගොනු කර තිබූණා.

අද දින නඩු විභාගයෙන් අනතුරුව අදහස් දැක්වූ එම නගරසභාවේ නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ සිදු වූ  ඒ විකෘති ප්‍රතිපලය මතින් තේරී පත්වුණේ දිවුලපිටිය,ගම්පහ,  බඩල්ගම  ප්‍රදේශයේ ජන්දය හිමි 23දෙනෙක්. මැතිවරණ නීතිය යටතේ ප්‍රධාන සුදුසුකමත් සපුරා නොමැති වීම සම්බන්ධයෙන් තමයි අපි මේ රීට් ආඥාවක් යටතේ කෝවරුන්ට එකක් අභියාචනාදිකරණයෙන්  ඉල්ලා සිටියේ. අභියාචනාදිකරණය ඒ සම්බන්ධයෙන් වන ඉල්ලීම සලකා බැලුවා. ඒ අනුව ලබන ජුනි මස 28 වනදා අභියාචනාදිකරණය ඒ සඳහා වන නොතීසි නිකුත් කිරීමෙන් අනතුරුව කටයුතු කරන ලෙස අද දන්වා සිටියා.

news24.lk
News24
sri lanka news 24
24 news