බස් වර්ජනය අවසන් - ගාස්තු 12.5% කින් ඉහළට - අවම ගාස්තුවෙත් වෙනසක්

 05/16/2018 - 18:31
7 reads

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බස් රථ වැඩවර්ජනය අද පස්වරුවේ සාකච්ඡාවකින් අනතුරුව අත්හිටුවනු ලැබුවා.

සාකච්ඡාව පැවැත්වුණේ  ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහ බස් සංගම් නියෝජිතයින් අතරයි.

ඒ අනුව බස් ගාස්තු 12.5% කින් ඉහළ දැමීමට එහිදී එකගවී ඇති අතර අවම ගාස්තුව 12 දක්වා ඉහළ යනු ඇති.

අදාළ ගාස්තුව ලබන අගහරුවාදා දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් අද පැවති කැටිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ බස් ගාස්තු තවදුරටත් ඉහළ දැමීමක් සිදු නොකරන බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news