දෙහිඅත්තකණ්ඩිය - බිහිරිසොරොව්ව වැවේ සිට ජලය රැගෙන යන ඇළෙහි තිබී මල සිරුරු 02ක් සොයාගැනේ

 05/16/2018 - 18:26
1 read

දෙහිඅත්තකණ්ඩිය -  බිහිරිසොරොව්ව වැවේ සිට ජලය රැගෙන යන ඇළෙහි තිබී දැරියකගේ සහ මවකගේ සිරුරු පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගිය දැරියගේ වයස අවුරුදු 04 ක් වන අතර, මව 30 හැවිරිදි වියේ පසුවන බවයි දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සඳහන් කළේ.

දියේ ගිලීමෙන් මෙම මරණ සිදුවූ බවට පොලීසිය සැක කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද දෙහිඅත්තකණ්ඩිය පොලීසිය සඳහන් කළා.

news24.lk
News24
sri lanka news 24
24 news