නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමට එරෙහිව විරෝධතාවක්

 05/16/2018 - 14:58
303 reads

රාජ්‍ය නිලධාරින්ට බැන වදිමින් වගාවට හානි කරන කුළු හරක් රක්ෂිතයට මුදා හැරි බවට චෝදනා කරමින් වනජිවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව අඹේවෙල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

NEWS24 වාර්තාකරු සඳහන් කළේ අදාළ විරෝධතාව අඹේවෙල දුම්රිය ස්ථානය අසල පැවැත්වෙන බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා හොර්ටන් තැන්න ප්‍රදේශයේ සංචාරයක් අතරතුර දී අඹේවෙල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මායිම්ව අමානුෂික ලෙස ගැට ගසා සිටි බව කියන කුළු හරක් 07 දෙනෙකු රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කළා.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් සඳහන් කරන්නේ කුළු හරක් රංචු වශයෙන් ගම් වැදි වගාවන්ට හානි සිදු කරන අතර ඇතැම් අවස්ථාවල එම සතුන් ප්‍රදේශවාසින් හා එම මාර්ගය හරහා ගමන්ගන්නා සංචාරකයින්ට පහර  දෙන බවයි.

කුළු හරක් රක්ෂිතයට මුදා නොහැර වෙනත් ස්ථානයකට ගෙන යන ලෙසට කළ ඉල්ලීම් නොතකා නියෝජ්‍ය අමාත්‍යවරයා කළ කාර්යයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව ආරම්භ කර අති බව සඳහන්.

news24.lk
News24
sri lanka news 24
24 news