ප්‍රදේශ දෙකකදී හෙරොයින් සමග පුද්ගලයින් දස දෙනෙකු අත්අඩංගුවට

 05/16/2018 - 12:22
2 reads

පෑලියගොඩ සහ ඉංගිරිය යන ප්‍රදේශවලදී හෙරොයින් සමග පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පෑලියගොඩ පොලිස් ස්ථානයට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් තමන්ට කිසියම් පිරිසක් වෙඩි තැබීමට පැමිණෙන බවට කළ ප්‍රකාශයකට අනුව ඔවුන් සම්බන්ධයෙන් සැක සිතී සිදුකළ විමර්ශනයකදී පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් සහ ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සහ ඊට යොදන උණ්ඩ 3 ක් සොයා ගත් බවයි.
මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ගංජා ග්‍රෑම් 19 ක් ද සොයා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කැළණිය වනවාසල ප්‍රදේශයේ පදිංචි තරුණයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර, ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේදී මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී හෙරොයින් සමග කාන්තාවක ඇතුලු පුද්ගලයින් තිදෙනෙකු අත්අංඩගුවට ගෙන තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news