සැකකටයුතු ලෙස මිය ගිය දෙහැවිරිදි දරුවාගේ මව සහ පියා අත්අඩංගුවට

 05/16/2018 - 11:16
12 reads

මාලිගාවත්ත, හිජ්රා මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි දෙහැවිරිදි පිරිමි දරුවෙකු සැකකටයුතු ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ දින සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව දීර්ඝ කාලයක සිට අමානුෂික ලෙස මොට ආයුධයකින් පහර දීම හේතුවෙන් ඇති වූ බහුවිධ තුවාල බවට අනාවරණ වී ඇති බවයි.
කෙසේ වෙතත් මීට පෙර දෙමාපියන් විසින් ප්‍රකාශ කර තිබුණේ සීනි වැඩිවීම හේතුවෙන් දරුවා මිය ගිය බවයි.
එසේ පවසමින් දරුවාගේ දෙමාපියන් රහසිගත ලෙස දේහයේ අවසන් කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබූ බව සඳහන්.
අත්අඩංගුවට ගත් මව සහ පියා අලුත්කඬේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news