පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ ගමන් ගත් ජීප් රිය අනතුරකට ලක්වෙයි

 05/16/2018 - 10:54
382 reads

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ගමන් ගත් ජීප් රථය නාත්තන්ඩිය දංකොටුව මාර්ගයේ මාවතගම ප්‍රදේශයේදී ඊයේ (15) සවස අනතුරකට ලක්ව තිබෙනවා. පොලිසිය පවසන්නේ අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට දැමූ වාහනයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

ඥාතිවරයෙකු වන වෙන්නප්පුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිනේෂ් පෙරේරා මහතා සහ තවත් ඥාතින් පිරිසක් සමග විරවංශ මහත්මිය හලාවත මුන්නේෂ්වරම් දේවාලය වැඳ පුදාගෙන නැවත දංකොටුව - නාත්තන්ඩිය මාර්ගයෙන් කොළඹ බලා පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

ඊයේ 15 සවස 6 ට පමණ  සිදු වු අනතුරෙන් වාහනවල ගමන්ගත් කිසිවෙකුට හානියක් සිදු වි නොමැති බවත් වාහනවලට සිදු වු හානිය පිළිබඳව දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණීමෙන් පසුව එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් පොලිසිය පවසනවා.

news24.lk
News24
sri lanka news 24
24 news