ආහාර විෂ වීමකින් භික්ෂුන් වහන්සේලා 30 නමක් ඇතුළුව 46ක් රෝහලට

 05/16/2018 - 06:40
43 reads

කැකිරාව පෙරියකුලම ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක භික්ෂූන් වහන්සේ තිස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 46 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ආහාර විෂවීමක් හේතුවෙන් හදිසියේ රෝගාතුරවූ ඔවුන් මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවයි.
ඊයේ දහවල් දානය සඳහා පිළියෙල කර තිබූ හතු ව්‍යාංජනයක් විෂ වීමෙන් මෙම ආසාත්මිකතාව හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ බොහෝ පිරිසකගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් මට්ටමක පවතින බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දින පිරිවෙනට ගොස් පරීක්ෂණ පැවැත්න්‍ීමට නියමිත බව ද සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news