සැකකටයුතු ලෙස මිය ගිය දෙහැවිරිදි දරුවකුගේ මරණයක් ගැන පොලිස් පරීක්ෂණ

 05/15/2018 - 17:53
5 reads

මාලිගාවත්ත, හිජ්රා මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි දෙහැවිරිදි පිරිමි දරුවෙකු සැකකටයුතු ලෙස මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ අදාළ දරුවාගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණයකින් තොරව දෙමාපියන් විසින් අවසන් කටයුතු සිදු කිරීමට යන බවට ලද තොරතුරු මත එම විමර්ශන ආරම්භ කර ඇති බවයි.
දෙමාපියන් විසින් ප්‍රකාශ කර ඇත්තේ සීනි වැඩිවීම හේතුවෙන් දරුවා මිය ගිය බවයි.
එහෙත්  සිදුකළ විමර්ශනවලදී දරුවාගේ වම් පාදයේ පිළිස්සුම් තුවාලයක් දක්නට ලැබී ඇති අතර අධිකරණයට කරුණූ වාර්තා කරමින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග නිකුත් කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news