ඇමති විජේදාස උසස් අධ්‍යපන විෂය භාරගැනීමෙන් පසු සයිටම් ගැටළුව විසඳෙයි

 05/15/2018 - 13:13
2866 reads

සයිටම් ආයතනය කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ කිරීමට අද කැබිනට් අනුමැතිය හිමි වුණා.

වසර ගණනාවක් පුරා සයිටම් වෛද්‍ය සිසුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් පැවති අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා විසින් මෙම යෝජනාව ජනාධිපතිවරයා සමග කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළා.

ඒ අනුව, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සයිටම් සිසුන් අන්තර්ග්‍රහනය කරනු ඇති.

සුදුසුකම් සම්පූර්ණ කළ සිසුන් සඳහා එම අන්තර්ග්‍රහනය ඔස්සේ කොතලාවල වෛද්‍යපීඨය තුළ ඉදිරි අධ්‍යයන කටයුතු සිදු කළ හැකියි.

ඒ යටතේ සයිටම් සිසුන්ට සායනික පුහුණුව සඳහා රජයේ රෝහල්වලට යොමු වීමට ද අවස්ථාව ලැබෙනවා.

විජේදාස රාජපක්‍ෂ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමග මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

ඉදිරියේදී ජෝන් කොතලාවල වෛද්‍ය පීඨයට මහචාර්ය ඒකකයක් ලබාදීමට ද කටයුතු කරන බව විජේදාස රාජපක්‍ෂ මහතා කියා සිටියා.

අද ලැබුණු කැබිනට් අනුමැතිය ප්‍රකාරව මින් ඉදිරියට සයිටම් හී අධ්‍යාපනය ලැබූ සිසුන්ට හිමි වන්නේ ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධියයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news