වලතාපිටියේ අනවසර කැණීම - තවත් පුරාවිද්‍යා භූමියක් ද?

 05/14/2018 - 09:40
10 reads

සමන්තුරේ වලතාපිටිය ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් පවතින බවට සැකකෙරෙන භූමියක අනවසරයෙන් සිදු කළ කැණීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

NEWS24 වාර්තාකරු පැවසුවේ අක්කර දෙකකට වැඩි ප්‍රදේශයක පිහිටි මෙම ඉඩමේ ඇති ගල් සියල්ල බෝර යොදා විනාශ කර ඇති බවයි.

එම පරීක්‍ෂණවලට අදාලව කැණීම්වලට සම්බන්ධ පුද්ගලයෙකු, බැකෝ යන්ත්‍ර සහ කැබ් රථයක් ද සමගින් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙය පුරාවිද්‍යා භූමියක් ද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීමෙන් අනතුරුව සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළා.

මෙම භූමියේ කැණීම් කිරීම සඳහා කිසිදු අවසර පත්‍රයක් භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයෙන් නිකුත් කර නොමැති බවට ද මේ වන විට තහවුරු වී තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news
Samanthurei
Walathapitiya