වැටලීමක් අතරතුර පොලිසියේ ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙකු මරුට

 05/14/2018 - 07:39
97 reads

ඌරගස්මංහන්දිය -  කළුවල ප්‍රදේශයේ දී වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු මියගොස් තිබෙනවා.

මුදල් ඕට්ටුවට සූදු ක්‍රීඩා කරමින් තිබූ ස්ථානයක් වැටලීමකට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

වැටලීම අතරතුරදී සැකකරුවන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් තියුණු ආයුධවලින් පහර දී ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සතු ගිනි අවියක් කොල්ලකෑමට සැකකරුවෙකු උත්සාහ දරා ඇති අතර එහිදි එම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
14/5000 polis væṭalīma Police raid
Uragasmanhandiya