වසර අවසන් වීමට පෙර ගෙවිය යුතු ණය මුදල ට්‍රිලියන 2 ට ආසන්නවෙයි

 05/12/2018 - 15:02
54 reads

වසර අවසන් වීමට පෙර රුපියල් ට්‍රිලියන 1.9ක ණය මුදලක් ගෙවීමට සිදුව ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

නිදහසින් පසු ශ්‍රී ලංකාව වැඩිම ණය ප්‍රමාණය ගෙවන වසර බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔහු මේ බව කියා සිටියේ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදි අදහස් දැක් වූ අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේ ජනතාව බදු සඳහා දක්වන බය අවසන් කළ යුතු බවයි.

රටේ යටිතල පහසුකම් සැපයීමේ දී ජනතා බදු මුදල් ඉතා ප්‍රයෝජනවත් බවයි.
 

news24.lk
News24
sri lanka news 24
24 news
Mangala Samaraweera
Sagala Rathnayake