පාලම විවෘත කිරීමේදී අත්අඩංගුවට ගත් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් දෙදෙනා රිමාන්ඩ්

 05/11/2018 - 20:00
10 reads

වැලිගම පොල්වතුමෝදර පාලම විවෘත කිරීමේ අවස්ථාවේදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අද දින පාලම විවෘත කිරීමේ අවස්ථාවට ආරාධනා නොකළ බවටත්, පසුගිය ආණ්ඩු සමයේ ප්‍රතිපාදන මත සකසනු ලැබූ පාලමක් බවත් පවසමින් වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් එම ස්ථානයේ විරෝධතාවක නිරත වුණා.
පසුව එහිදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් පාලම විවෘත කිරීමට කටයුතු කළ අතර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් විසින් එම පාලම නැවත විවෘත කළ බවයි නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news