මාධ්‍යවේදියකුගේ නමට ආ හශීෂ් තොගයක් රේගු අත්අඩංගුවට

 04/17/2018 - 18:53
93 reads

ගුවන් තැපෑල ඔස්සේ මෙරටට ස්පාඤ්ඤයෙන් එවා තිබූ හෂීස් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිම මත ලිස්සන පුවරු තොගයක සඟවා හෂීස් කිලෝ කිලෝ එකයි ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවයි රේගු ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

හෂීස් තොගයේ වටිනාකම රුපියල් කෝටි 14 කට අධික වන අතර, අදාළ පාර්සලය නුගේගොඩ ප්‍රදේශයේ නිදහස් මාධ්‍යවේදියෙකුගේ නමට එවා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම පාර්සලය ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී රේගුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර,  මේ වනවිට රේගු නිලධාරීන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news