මහින්දානන්ද වෙනුවෙන් ඩිලාන්, චන්දිම, දයාසිරි සහ අනුරාධ උසාවියට

 04/17/2018 - 18:21
178 reads

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නඩු කටයුත්තකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් අද එක්වුණා.

නීතිඥවරුන් වන දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, අනුරාධ ජයරත්න යන හිටපු අමාත්‍යවරුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර අද ඇප මත මුදාහැරුණා.

මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මේ වන විට මහාධිකරණය හමුවේ පවතින බැවින් ඒ පිළිබඳ සහතික කිරීමට නොහැකිවීම හේතුවෙනුයි ඒ මහතා ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ.

ඒ 2015 මැතිවරණ සමයේ අමාත්‍යධුරයක් දරමින් සිදු කළ ගනුදෙනුවකදී රජයට රුපියල් මිලියන 39 ක අලාභයක් සිදු කළ බවට වන නඩුවට අදාළවයි.

news24.lk
News24
sri lanka news 24
24 news