රාගමින් සොරකම් කළ ත්‍රී රෝද රථයක් වසරකට පසු මතුගමින් හමුවෙයි

 04/17/2018 - 16:43
50 reads

2017 වසරේ ජනවාරි මාසයේදී රාගමින් සොරා ගත් ත්‍රී රෝද රථයක් මතුගම අරුප්පලකන්ද වතුයාය ආසන්නයේ තිබී සොයා ගෙන තිබෙනවා.

ත්‍රී රෝද රථය සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ත්‍රී රෝද රථය කොටස් කර විකිණීම සඳහා මතුගම ප්‍රදේශයට රැගෙන ආ බවට සැකකරුවන් විසින් ප්‍රකාශ කර තිබෙනවා.

අදාල ත්‍රී රෝද රථය රාගම ප්‍රදේශයේ බේකරි හිමියෙකුට අයත් එකක් බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news