නීති විරෝධි ධිවර කටයුතුවල නිරත වූ 35 දෙනෙකු අත්අඩංගුවට

 04/17/2018 - 15:08
3 reads

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 35 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ සිදුකළ වැටලීම්වලින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවුක හමුදාව සඳහන් කළේ.

කුදිරමලෙයි ප්‍රදේශයේදී පුද්ගලයින් 11 දෙනෙකු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදි ධීවරයින් 26 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතු ධීවර යාත්‍රා සහ තහනම් දැල් තොගයක් ද නාවුක හමුදා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ත්‍රිකුණාමලය සහ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂවරුන් වෙත බාර දුන් බවයි නාවුක හමුදාව පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news