අම්බලන්තොට අනතුරකින් බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගිනිගනී

 04/16/2018 - 18:12
91 reads

අම්බලන්තොට සිසිලගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පසු බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

බස් රථය සහ ත්‍රිරෝද රථය එකිනෙක ගැටීමෙන් අනතුරුව එම රථ ගිනිගත් බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.

අනතුරට ලක්වූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් මාස 9 ක් වසයසැති බිළිඳියක් ඇතුළු සිව් දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන් මහියංගනය, හසලක, හතඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

අතුරු මාර්ගයකින් පැමිනි ත්‍රිරෝද රථය එක් වරම ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරීම  හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණ වී ඇති අතර, ගිනි ගැනීමට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news