ගාල්ලේ මුහුදෙන් හමු වූ පිළිමයේ තොරතුරු හෙළිවෙයි

 04/16/2018 - 17:25
2615 reads

මේ වන විට ගාල්ලේන් හමුවු බුද්ධ  ප්‍රතිමාව සම්බන්ධව කතාව වෙනතකට යොමුව තිබෙනවා.

මෙම පිළිමය තමා විසින් පෙබරවාරි මස මැදදි මුහුදේ ගිල්වු බවයි ගාල්ල කොටුව ලේන්බාන් විදියේ චිත්‍ර සහ මුර්තී කලාගාරයක් පවත්වාගෙන යනු ලබන තරුණයෙකු වන ජනක ද සිල්වා මහතා කියා සිටින්නේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු කියා සිටියේ මෙම කලාව  "UnderwaterSculpture" අන්ඩර් වෝටර් ස්කල්ප්චර් යනුවෙන් හඳුන්වන බවයි NEWS24 අප වාර්තාකරු කියා සිටියේ.

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වු ජේසන් ටේලර් නැමැත්තෙකු විසින් මෙම කලාව ලෝකයට හඳුන්වා දී ඇති අතර එහිදි සිදුවන්නේ අඹන ලද මුර්ති, රූප සහ පිළිම කොරළ් පර ආශ්‍රිතව මුහුදේ තැන්පත් කිරිම බවයි.

එලෙස තැන්පත් කල පසු කාලයක් ගතවන විට එම පිළිමවල කොරළ් පර සෑදි එය එම පරිසරය අලංකාර බවක් සහ කොරළ් පරිසරයට හිතකර වන නිසා මෙම කලාව ජනප්‍රිය වු බවද ජනක කියා සිටින්නේ.

දන්නා තරමින් මෙම කලාව ශ්‍රි ලංකාවට ආධුනික බවත් මෙම කලාව ජනප්‍රිය කිරිම මඟින් සංචාරක ව්‍යාපාරයට සහ කොරළ් පර මතු පරපුරට රැකගැනිමට ඉවහල් වන බවත් ඔහු පවසනවා.

කාලයක් තිස්සේ  කළ අධ්‍යනයකින් පසු මෙම පිළිමය තමා විසින් මුහුදේ තැන්පත් කල බවත් එලෙස තැන්පත් කිරිමට පෙර සහ තැන්පත් කල පසු ගත් ඡායාරුප විඩීයෝ තමා සතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මෙම පිළිමය තැන්පත් කරන අයුරු දැක්වෙන ඡායාරුප කිහිපයක්ද ඔහු විසින් ලබාදී තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධව දකුණු පළාත් පුරාවිද්‍යා කොමසාරිස් වසන්තා අලහකෝන් මහත්මියගෙන් විමසිමක් කල විට ඇය සඳහන් කලේ මේ පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට දන්වා ඇති බවත් මෙම පිළිමය සම්බන්ධව පරික්ෂණයකින් පසුව ඒ සම්බන්ධව ප්‍රකාශයක් කල හැකි බවයි.

Photos - ෆර්හාන් නිසාම්දින්

 

news24.lk
News24
sri lanka news 24
24 news