වව්නියාව නගරසභාවේ උණුසුම් තත්ත්වයක්

 04/16/2018 - 15:28
51 reads

දේශපාලන පක්‍ෂ නියෝජිතයන් දෙපිරිසක් අතර සිදු වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් වව්නියාව නගර සභාව ඉදිරිපිට අද පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

වව්නියාව නගරසභාවේ සභාපතිවරයා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව එහි බලය දෙමළ සංධානයෙන් ගිලිහීමත් සමගයි මෙම තත්ත්වය හටගත්තේ.

වව්නියාව එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක පී. කරුණාදාස මහතා හා අමාත්‍ය රිෂාද් බදියුර්දීන්ගේ සහෝදරයෙකු  වන උතර පළාත් සභා මන්ත්‍රී රිෆ්බාන් බදියුර්දීන් අතර, මෙම බහින්බස්වීම සිදුව තිබෙනවා.

සභාපතිවරයා තේරීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා කරමින් මෙම බහින්බස්වීම හටගෙන ඇති අතර, පසුව එය සමතයකට පත් වූ බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news