කැපුම් තුවාල සහිතව මාර්ගයක වැටී සිටි තරුණයෙකු රෝහල් ගත කිරීමේදී මිය යයි

 04/16/2018 - 15:25
54 reads

වැලිගම, මූදුගමුව ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව මාර්ගයේ වැටී සිටි තරුණයෙකු රෝහල් ගත කිරීමේදී මිය ගොස් තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත වැලිගම පොලිස් නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ බවයි පොලීසිය පැවසුවේ.

එලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 27 හැවිරිදි අයෙක්.

පහර දුන් සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

news24.lk
News24
sri lanka news 24
24 news