මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට

 04/16/2018 - 12:30
303 reads

ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණා.
ඒ අනුව එහි පැමිණි හිටපු අමාත්‍යවරයාව එම කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කැරම් බෝඞ් ආනයනය කිරීමකදී රුපියල් මිලියන ගණනක වංචාවක් සිදුව ඇති බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news