කටුගස්තොට මැරයන් පිරිසක් රෝහලේ විදුලිය විසන්ධි කරයි

 04/16/2018 - 12:24
131 reads

කටුගස්තොට රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකුගේ සුවදුක් විමසීමට බාධා කළ බවට චෝදනා නගමින් කිසියම් මැර පිරිසක් එම රෝහලේ විදුලිය විසන්ධි කර තිබෙනවා.

ඔවුන් රෝහල් කාර්ය මණ්ඩලයට පහරදීමක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

යතුරු පැදි අනතුරකට ලක්වූ තුවාලකරුවෙකු අදාළ පිරිස එක්ව එම රෝහලට ඇතුළත් කර තිබුණා.

ඔහුගේ සුවදුක් විමසීමට එම පිරිස සමූහයක් වශයෙන් පැමිණීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය ඔවුන්ට බාධා කර තිබූ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එක් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news