ජනපති එක්සත් රාජධානියට පිටත්වෙයි

 04/15/2018 - 16:15
13 reads

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් එක්සත් රාජධානිය බලා පිටත්ව ගියා.
එ, හෙට ආරම්භ වන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහයි.
“පොදු අනාගතයන් උදෙසා” යන්න මෙවර එහි තේමාව වනවා.

රාජ්‍ය නායක සමුළුවට අමතරව ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශකයා ලෙස ද සහභාගී වන බව විදේශ  කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ හෙට සිට 20 වන දින දක්වා පැවැත්වෙන රාජ්‍ය නායකයින්ගේ සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 53හි රාජ්‍ය  නායකයින් සහභාගී වීමට නියමිත බවයි.
මෙම සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මෝල්ටාවේ වන අතර එහි සභාපතිත්වය දරන මෝල්ටාව විසින් සභාපතිත්වය එංගලන්තයට භාරදීමට  නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයාගේ එංගලන්ත නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ හමුවීමට ද නියමිත අතර, සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු  සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.
එමෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවට ද ජනාධිපතිවරයා එක්වනු ඇති.
ඊට අමතරව බි්‍රතාන්‍ය මහ රැජිනගේ 92 වැනි ජන්ම දින විශේෂ සැමරුම් උත්සවයට ද ජනාධිපතිවරයා සහභාගී වන බව සදහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news