උත්සව සමයේ හදිසි අනතුරු නිසා 379 දෙනෙකු ජාතික රෝහලට

 04/15/2018 - 15:34
8 reads

පසුගිය දින දෙක තුළදී ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රෝගීන් 379 දෙනෙකු ඇතුළත්ව ඇති බව ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය පවසනවා.
එය සමස්තයක් ලෙස සියයට 3ක පහත යාමක් බවයි ඇය සඳහන් කළේ. කෙසේ වෙතත් නේවාසික රෝගීන් 172ක් පැමිණ ඇති බවත් එය 10% වැඩිවීමක් බවයි ඇය පවසන්නේ. මහාමාර්ග අනතුරු 121ක්,නිවසේදී අනතුරු 38ක්, වැටීම් 112ක් හිංසන ක්‍රියා 56ක් සහ ගිනිකෙළි අනතුරු එකක් වාර්තා වූ බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
මේ, උත්සව සමයේ අනතුරු සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය.

මෙය සමස්තයක් ලෙස බලන විට මහා මාර්ග අනතුරු 26%ක් වැඩියි. නිවසේදී අනතුරු 48%කින් අඩුයි. වැටීම් 33%ක් වැඩි වුණාට හිංසන ක්‍රියා 133%කින් වැඩිවෙලා තියෙනවා. මොකද ගිය අවුරුද්දේ 24යි වාර්තා වුණේ. කොහොම වුණත් ගිනි කෙළි අනතුරු 6ක් වාර්තා වුණා.නමුත් මේ අවුරුද්දේ එකම එකයි වාර්තා වෙන්නේ. සමස්තයක් ලෙස බලන විට අඩුවීමක් පෙන්නුම් කරනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news