අධික වර්ෂාවත් සමග උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

 04/15/2018 - 14:11
49 reads

පවතින වැසි තත්තවයත් සමග උඩවලව ජලාශයේ වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ කුකුළේ ගඟ ජලාශයේ උපකාරක දොරටු ද මේ වන විට විවෘත කර ඇති බවයි.

උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් අඟල් තුන බැගින් විවෘත කර තිබෙනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවණගල බහිරාව සහ අම්බලන්තොට තවාලවිල, වාදුරුප්පුව ප්‍රදේශවල ග්‍රාමනිලධාරීන්වරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා. කුකුළේගඟ ජලාශයෙත් උපකාරක ගේට්ටු විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් එම ජනතාවටත් අප දැනුවත් කර තිබෙනවා. එක බෝට්ටුවක යම් අනතුරක් වාර්තාවනවා. එහි එන්ජිමේ ඇති වූ අවහිරතාවයක් හේතුවෙන්. කෙසේ වෙතත් මේ තත්ත්වය සම්බන්ධයෙන් බේරුවල ධීවර වරායෙන් සහ ආපදා කළමනාකරණ ඒකකයෙන් ලද වාර්තා අනුව අපි එම නාවික හමුදාව සහ ධීවරයන් දැනුවත් කර තිබෙනවා ඒ සඳහා නිරන්තරයෙන් උපකාර කරන ලෙස. එසේම නිරන්තරයෙන් මතක් කරනවා 117 දුරකථන අංකය ඔස්සේ සියලු දත්ත අපි යාවත්කාලීන කර තිබෙනවා. පැය 24 පුරාම ජනතාවට ඒ හා සම්බන්ධ විය හැකි වෙනවා.  

අද පස්වරු කාලයේදී ද පළාත් පහක දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත් නාය යාමේ ලක්ෂණ සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවත් හෙතෙම කියා සිටියා.

අද සවස 2න් පසුව තද වැසි සහිත තත්ත්වයන් පළාත් පහක ප්‍රදේශයන්හි බලපාන බව වාර්තා වී තිබෙනවා. මෙම පළාත් ලෙස බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව විශේෂයයි. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව ඇතිවිය හැකි තද වැසි සහිත තත්ත්වයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මතක් කර  සිටිනවා. මීට අමතරව මධ්‍යම පළාත සහ සබරගමු පළාත ඇතුළුව කඳුකර ජනතාවට අප නිරන්තරයෙන් මතක් කර සිටිනවා නායයාම් ලක්ෂණ පිළිබඳ නායයාම් අවදානම් පිළිබඳ විශේෂ අවදානයක් යොමු කරන්න. පසුගිය දින කිහිපය තුල බොහෝ ප්‍රදේශවල ඇති වූ තද වැසි සහිත තත්ත්වයන් හේතුවෙන් බොහෝ ප්‍රදේශයන් ජලයෙන් සංතෘප්තව ඇති හේතුවෙන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news