ඇලෝසියස් සහ පලිසෙන යළි රිමාන්ඩ් - සතොස හිටපු සභාපතිට ඇප

 04/12/2018 - 14:56
8 reads

පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද දින කොටුව මහේස්ත්‍රාත්වරයා ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ ඔවුන් ලබන 26 වන දා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

මේ අතර, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්‍සිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සතොස සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news