අවුරුද්දට ගම්බිම් යාමට විශේෂ දුම්රිය 12ක්

 04/12/2018 - 09:27
9 reads

අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා අද දිනයේදී විශේෂ දුම්රිය 12 ක් ධාවනයට යොදවා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ රාත්‍රී 7 යි 20 ට කොළඹ කොටුව සිටබණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් ද සහිත දුම්රියක් ධාවනයට එක් කර ඇති බවයි.

එමෙන්ම අද රාත්‍රී 10ට කොළඹ කොටුව සිට යාපනය දක්වාත්, පස්වරු 6 යි 50 ට කොළඹ කොටුව සිට ගාල්ල දක්වාත් දුම්රිය දෙකක් ධාවනයට යොදවා තිබෙනවා.

මේ අතර, කොළඹ කොටුව සහ මහව අතර විශේෂ දුම්රිය දෙකක් ද මරදාන සිට ගාල්ල සහ මාතර දක්වා විශේෂ දුම්රිය 4 ක් අද දිනයේදී ධාවනයට යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news