ව්‍යාජ මුදල් තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

 04/12/2018 - 06:54
45 reads

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයක් වවුනියාව න බස් නැවතුම්පොළ ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යාපනය ප්‍රදේශයේ සිට ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් දහසේ මුදල් නෝට්ටු 45 ක් ප්‍රවාහනය කළ අයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුට ගෙන ඇත්තේ අලව්ව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු යාපනය ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකුගෙන් අදාළ මුදල් තොගය ලබාගෙන පැමිණෙමින් සිටින අවස්ථාවක එලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද(12) ඉදිරිපත් කිරීමට නියමිත බවත් වවුනියාව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වවුනියාව පොලිසිය සිදු කරනු ලබනවා.

ඡායාරූප - මාධව කුලසූරිය - වවුනියාව

news24.lk
News24
sri lanka news 24
24 news